Latestදේශීය

නානුඔය දුම්රිය ස්ථානය නවීකරණයට අනුමැතිය

නානුඔය දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ වැඩ නිම කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ සඳහා අවශ්‍ය අතිරේක මුදල ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රර්වධන කාර්‌යාංශය වෙතින් සලසා ගැනීමට සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රර්වධන කාර්යාංශයේ අරමුදල් භාවිත කරමින් නානුඔය දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2023-04-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ගණන් සංශෝධනය වීම මත නානුඔය දුම්රිය ස්ථානය නවීකරණය සඳහා වන රුපියල් මිලියන 74.63ක ගිවිසුම්ගත වටිනාකම රුපියල් මිලියන 101.81 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව නව සංශෝධි ඇස්තමේන්තුව යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්‌යාංශය (CECB) මඟින් අදාල නවීකරණය කිරීමේ කටයුතු නිම කිරීමටත් ඒ සඳහා අවශ්‍ය අතිරේක මුදල ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රර්වධන කාර්‌යාංශය වෙතින් සලසා ගැනීමටත් සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *