වසර 28ක් පැරණි දුර පැනීමේ වාර්තාව මධුෂානී බිඳ දමයි
(ප්‍රින්ස් ගුණසේකර)
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන ජාතික කනිෂ්ඨ මලල ක්‍රිඩා ශූරතාවලියේදී බිබිල නාන්නපුරාව මහා විදුහලේ මධුෂානී හේරත් විසින් වසර 28කට පෙර ගාල්ල සවුත්ලන්ඩ් විදුහලේ අනෝමා සූරියාරච්චි පිහිටුවා තිබූ කාන්තා 20න් පහළ දුර පැනීමේ වාර්තාව ඊයේ බිඳහෙළනු ලැබුවාය. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී මධුෂානී හේරත් මීටර් 6. 32කින් නව වාර්තාව පිහිටවූ අතර, 1998දී අනෝමා සූරියාරච්චි මීටර් 6. 06කින් වාර්තාව පිහිටුවා තිබිණි.
මේ අතර, මීගමුව නිව්ස්ටඩ් බාලිකා විදුහලේ විදූෂා ලක්ෂාණි වසර 11කට පෙර පිහිටුවා තිබූ 18න් පහළ කාන්තා තුන්පිම්ම ඉසව්වේ ජාතික වාර්තාව, පානදුර ශ්‍රී සුමංගල විදුහලේ දිල්කි නෙහාරා බිඳහෙළීය. දිල්කි මීටර් 12. 19කින් නව වාර්තාව පිහිටවූ අතර, විදුෂා 2013දී මීටර් 12. 13කින් පැරණි වාර්තාව තබා තිබුණි.
එමෙන්ම වසර 23කට පෙර දික්වැල්ල විජිත මධ්‍ය මහා විදුහලේ මංජුල කුමාර මීටර් 2. 06කින් පිහිටුවා තිබූ උස පැනීමේ වාර්තාව වත්තල ලයිසියම් විදුහලේ තරුෂ මෙන්ඩිස් මීටර් 2.14කින් බිඳහෙළීමද විශේෂත්වයකි.
ජාතික කනිෂ්ඨ මලල ක්‍රිඩා ශූරතාවලියේදී මෙතෙක් බිඳ වැටුණු වාර්තා මෙසේය: කාන්තා 16න් පහළ දුර පැනීම – දිලිනි රාජපක්ෂ (වත්තල ලයිසියම්) මීටර් 5. 80 (පැරණි වාර්තාව 2019දී ඉෂාරා සමන්මලී මීටර් 5.74 විහාරගල මහා විදුහල සූරිය වැව), කාන්තා 16න් පහළ කවපෙත්ත විසි කිරීම – දිල්කි කරුණාරත්න (විශාඛා විදුහල) මීටර් 11. 96 (පැරණි වාර්තාව 2018දී ඔවිනි චන්ද්‍රසේකර මීටර් 11. 91 බිෂොප් විදුහල), පිරිමි 23න් පහළ කඩුලු පැනීම – කවීෂ බණ්ඩාර (ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය) තත්පර 14. 15 (වාර්තා සම කිරීම 2014දී සුපුන් රන්දෙණිය තත්පර 14. 15 මහනුවර දිස්ත්‍රික් මලල ක්‍රීඩා), පිරිමි 18න් පහළ මීටර් 200 – ෂිහාන් දදීෂන (නින්දන මහා විදුහල) තත්පර 21. 69 ( පැරණි වාර්තාව 2015දී ආසිරි විජේසේකර තත්පර 21. 88), පිරිමි 20න් පහළ මීටර් 200 – කෞෂාන් තාමෙල් (ද මැසනෝද් විදුහල කඳාන) තත්පර 21. 26 (පැරණි වාර්තාව 2018දී අරුණ දර්ශන තත්පර 21. 88 අකුරම්බොඩ මහා විදුහල), පිරිමි 16න් පහළ තුන්පිම්ම – සී. එන්. නිම්සර ( තෝලංගමුව මධ්‍ය මහා විදුහල) මීටර් 14. 15 (පැරණි වාර්තාව 2019දී රංජිත් ඇරව්වල මීටර් 13 63 සාන්ත ජූඩ් විදුහල මීගමුව), පිරිමි 20න් පහළ මීටර් 400 කඩුලු පැනීම – අයෝමාල් අකලංක (අඹගමුව මධ්‍ය මහා විදුහල) තත්පර 51. 53 (පැරණි වාර්තාව 2022දී දනුක දර්ශන තත් 52. 11 අඹගමුව මධ්‍ය මහා විදුහල), පිරිමි 16න් පහළ මීටර් 300 කඩුලු පැනීම – රන්දිප රණතුංග (බෙන්තොට ගාමිණී විදුහල) තත්පර 40. 27 (පැරණි වාර්තාව 2023දී එම්. ඒ. සන්දීප තත්පර 40 . 31 අඹගමුව මධ්‍ය මහා විදුහල)
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

