Latestවිදේශීය

අනුන්ගේ සල්ලි වියදම් කර තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීම නවත්වන්න – චීනය නේටෝ සංවිධානයට කියයි

තමන්ගේ ක්‍රියා ගැන මෙනෙහි කරන ලෙසත්, අන්‍යයන්ගේ වියදමින් තමන්ට ප්‍රතිලාභ උදාකර ගැනීම නවත්වන ලෙසත් නේටෝ සංවිධානයට සහ ඇතැම් රටවලට සිහිපත් කරවන බව චීනය කියාසිටී.

එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත ෆූ සොං මහතා මේ බව පැවසුවේ, ජාත්‍යන්තර පිළිවෙළ සහ බහුපාර්ශ්වික සහයෝගිතාව තේමා කරගනිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඊයේ (16) පැවති විවෘත විවාදයට එක්වෙමිනි.

පොදු ආරක්ෂාවට බාධා කරන පීඩාකාරීන් වීම නවත්වන ලෙස ද චීන නියෝජිතයා අදාළ පාර්ශ්වවලින් ඉල්ලා සිටියේය.

ඇතැම් රටවල සැබෑ අභිප්‍රාය වන්නේ තම දෙබිඩි පිළිවෙත්වලට නීත්‍යනුකූලභාවය ආරෝපණය කරමින්, පවතින ජාත්‍යන්තර නීති පද්ධතියට විකල්ප රැගෙන ඒම බව ෆූ සොං මහතා පැවසීය. ලෝකයේ ඇත්තේ එකම පිළිවෙළකි. එය ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ ජාත්‍යන්තර පිළිවෙළ ම පමණක් බව හෙතෙම පෙන්වා දුන්නේය. එසේම, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම මත ගොඩනැගෙන ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් ලෙස ලොව ඇත්තේ එකම නීති මාලාවක් පමණක් බව ද ෆූ සොං මහතා අවධාරණය කළේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *