මහා වංශය පුස්තකය ලෝක උරුමයක් වෙයි
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතු මහා වංශය පුස්තකය ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් අවුඩ්‍රේ ඔසේලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම පුස්තකාල පරිශ්‍රයේදී සිදු කෙරුණි.

එහිදී ලෝක උරුමයක් ලෙස නම් කෙරුණු එම පුස්තකයට අදාළ සහතික පත්‍රය ප්‍රධානය කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින්පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා වෙත භාරදුන් අතර ඊට අදාළ සමරු පලකයක්ද ඇය විසින් විවෘත කරන ලදී.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා විසින් යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පැමිණීම සනිටුහන් කරමින් විශේෂ සමරු පොතක්ද එහිදී පිළිගැන්විණි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලාධිපති ආචාර්ය එම්. මහේෂ්වරන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

