වරෙන්තු අලි සබ්‍රිට නීතිය අදාල නැත. පොලිස් ආරක්ෂාව මැද ආරක්ෂාව ගරු බුහුමන් සමගින් උත්සවයක.
කල්පිටිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරනයෙන් විවෘත වරෙන්තු නිකුත් කර සිටින පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ති අලි සබ්රි රහීම් සහ වයඹ පළාත් ආණ්ඩුකාර අහමඩ් නසීර ඊයේ (16) කල්පිටිය අල් අක්ෂා ජාතික පාසලේ පැවැති උත්සවයක් සදහා සම්භාවනීය විශේෂ අමුත්තන් ලෙස සහභාගී තිබේ.
කල්පිටිය නගරය තුළ විශේෂ ගරු බුහුමන් සහ පොලිස් අචාර මැද වරෙන්තුකාර මන්ත්‍රී අලි සබ්රි රහීම් උත්සව භූමිය කරා කැන්දාගෙන පැමිණ ඇත.
කල්පිටියේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරනයේ පවරණ ලද නඩුවක් විගායට ගත් තෙවරකදීම පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් විසින් අධිකරණයේ පෙනී නොසිට අධිකරණය මගහැර සිටියේ ය.
අධිකරණය මගහැර සිටීම, තමන් වෙනුවෙන් නීතිඥයෙකු හෝ පෙපෙනී නොසිටීම ආදී කරුණු පදනම් කර ගනිමින් කල්පිටිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ දී පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අයෝනා විමලරත්න විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීව වහාම අත් අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසට කල්පිටිය පොලිසියට විවෘත වරෙන්තුවක් මගින් නියෝග කරන ලදී.
පසුගිය කාලයේ නීති විරෝධී ලෙස මෙරටට රත්‍රන් රැගෙන ඒමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට පාදක වූයේද මෙම මන්ත්‍රී අලි සබ්රි රහීම්ය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

