Latestක්‍රීඩාදේශීය

48වන ජාතික ක්‍රීඩා තරගාවලිය අද ඇරඹේ

(නිරෝෂාන් ප්‍රියංකර)

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කරන 48 වැනි ජාතික ක්‍රීඩා තරගාවලිය අද (17) කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වෙයි. තරගාවලියේ සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3.00ට පැවැත්වෙන අතර, මේ අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු මහත්වරු සමඟ ආරාධිතයෝ රැසක් එක් වෙති.

තරගාවලිය ආරම්භ වන අද තරග ඉසව් 16ක් පැවැත්වෙන අතර, ඉන් ඉසව් 8ක් මූලික වටයේ තරග ලෙස පැවැත්වීමට නියමිතය. කාන්තා මීටර් 10,000 අවසන් තරගයෙන් අද තරග ඉසව් ආරම්භ වන්නේ පෙරවරු 6.30ටය. අනතුරුව කාන්තා රිටි පැනීම, පිරිමි මීටර් 5,000, කාන්තා හෙල්ල විසිකිරීම, කාන්තා තුන්පිම්ම, කාන්තා කවපෙත්ත විසිකිරීම, කාන්තා සහ පිරිමි මීටර් 100 සහාය ඉසව්වල අවසන් තරග පැවැත්වේ.

තරගාවලියේ දෙවැනි දිනයේදී අවසන් තරග ඉසව් 16ක් සහ අවසන් දිනයේ ඉසව් 14ක් පැවැත්වීමට නියමිතය.

දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් එක්වන මේ තරගාවලිය 19 වැනිදා දක්වා තෙදිනක් ක්‍රියාත්මක වන වන අතර, එහිදී ජවන හා පිටිය මලල ක්‍රීඩා ඉසව් පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ සමාප්තිය 19 වැනිදා පස්වරු 3.00ට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *