Latestදේශීය

අනුර ජපානය බලා පිටත් වෙයි – රාජ්‍යතාන්ත්‍රික හමුවීම් කිහිපයක්ම

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සිය ජපන් සංචාරය සඳහා අද (18) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටව ගිය බව වාර්තා වේ.

ඔහු මෙලෙස ජපානය බලා පිටත්ව ගියේ, ජාතික ජන බලවේගය විදෙස් කමිටු විසින් සංවිධානය කරන විදේශගත ශ්‍රී ලාංකිකයන් සහභාගී වන ජන හමු මාලාවේ ජපන් ජන හමුවට සහභාගී වීම සඳහාය.

ඒ අනුව ලබන ඉරිදා (21) සවස 2.00ට ජපානයේ Tsukuba හි Yatabe Citizen Hall හිදී එරට වෙසෙන ලාංකිකයන් ඇමතීමේ ජන හමුව පැවැත්වෙන අතර ලබන සඳුදා (22) ජපානයේ සිටින ව්‍යාපාරිකයින්ගේ හමුවක්ද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඉන් අනතුරුව ජපානයේ ඉහළ පෙළේ රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයක්ම පැවැත්වීමට නියමිත බවත් වාර්තා වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *