සජිත් රට බාරගන්න යනකොට රනිල් පස්ස දොරෙන් පැනලා බලය ගත්තා – හර්ෂ ද සිල්වා
රට අර්බුදයට පත්වූ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතා එය භාර නොගෙන පැන ගියේ යැයි එල්ල වන චෝදනාව අසත්‍ය බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
2022 මැයි මස 09 වැනිදා තමන් සහ ඉරාන් වික්‍රමරත්න, කබීර් රශීම්, රංජිත් මද්දුම් බණ්ඩාර යන සිව් දෙනා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී බල හුවමාරුව සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද බව ඔහු පැවසීය.
ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසා දැනගත හැකි බවද ඔහු සඳහන් කළේය.
එම සාකච්ඡා එසේ ඉදිරියට යන අතරවාරයේ වත්මන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පස්සෙ දොරෙන් පැමිණ අග‍්‍රාමාත්‍ය ධුරය බාරගත් බවටද ඔහු චෝදනා කළේය.
සමගි ජන බලවේගය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

