Latestවිදේශීය

නෞකා අනතුරෙන් අතුරුදන්වූවන් සොයන්න ඉන්දියාවත් එක්වෙයි

අරාබි මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකාවක් අනතුරට ලක්වීමෙන් එහි සිටි කාර්යමණ්ඩල සේවකයින් 16 දෙනා අතුරුදන්වී තිබේ.

අතුරුදන් වූ පිරිසට ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුද අයත් ය.

සෙසු පිරිස ඉන්දීය ජාතිකයින් වන අතර ඕමානය ඉන්දියාවේ ද සහාය ඇතිව ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඉන්ධන ප්‍රවාහන නෞකාව අනතුරට ලක්වී තිබුණේ ඕමානයේ ඩියුකම් වරාය නගරයට නාවික සැතපුම් 25ක් නිරිත දිගින් වූ අරාබි මුහුදේදීය.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොමොරෝස් ධජය යටතේ යාත්‍රා කළ ප්‍රෙස්ටීජ් ෆැල්කන් නම් ඉන්ධන ප්‍රවාහන නෞකාවකි.

2017දී නිෂ්පාදිත නෞකාව මීටර 117ක දිගින් යුක්තය.

ඩුබායි හි හම්රියා වරායෙන් ගමන් ඇරඹූ නෞකාව අනතුරට ලක්වන අවස්ථාවේදී යේමනයේ ඒඩ්න් වරාය බලා යාත්‍රා කරමින් සිටි බව සඳහන් ය.

අතුරුදන් පිරිස සොයන මෙහෙයුම්වලට ඉන්දියාවේ යුද නෞකාවක් සහ නිරීක්ෂණ ගුවන්යානයක් ද ලබාදී තිබේ.

නෞකාවේ අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

කෙසේ වුවද නෞකාව පෙරළී ගොස් ඇති බවට සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානය රොයිටර්ස් පුවත් සේවයට පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *