Latestදේශීය

රනිල් 22 හකුළාගත්තේ ඇයි?

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ හොබවන බලය දීර්ඝ කර ගැනීම සඳහා දියත් කළ සියලුම ආකාරයේ යටිකූට්ටු කුමන්ත්‍රණ සියල්ලම පරාජය වීමෙන් පසු 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හකුළා ගෙන තිබේ.

එය හකුළා ගැනීමට මූලිකම පදනම වී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරය දිනා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වීම බව හෙළි වේ.

ජුනි 26වැනි දින ජාතිය අමතා ප්‍රකාශයක් කිරීමටත් එම ප‍්‍රකාශයම පාර්ලිමේන්තුවේදී සිදුකර 2/3ක බහුතරයෙන් සම්මත කර ගැනීමටත් මුලින් සැලසුම් කර තිබිණි. දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කරන්නේ පාර්ලිමේන්තුවේ 2/3කට බහුතරය ලබා ගැනීමේ මූලික ඉලක්කය වී තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් බලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම බවය.

නමුත් එම සැලැස්ම මුළුමනින්ම අසාර්ථක වීම ආරම්භ වූයේ පාර්ලිමේන්තුව තුළ රනිල් වික‍්‍රමසිංහ ඉලක්ක කළ බහුතර බලය වර්ධනය කර ගැනීමට නොහැකි වීමෙන්, ඔහුගේ පාර්ලිමේන්තු කතාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පවා සිදු නොකර අත්හරිනු ලැබීය.

මේ වනවිට 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හකුළා ගෙන ඇත්තේ ඔහුගේ පරාජය තවදුරටත් තහවුරු කරමින් බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *