Latestදේශීය

රනිල් තනිවෙයි – පොහොට්ටුව වෙන්වෙයි

මීළඟ ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡා අසාර්ථක වී තිබේ.

ජනාධිපතිවරයා විසින් පොදුජන පෙරමුණේ යෝජනාවලට දක්වා ඇති ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවීම නිසා නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි බව එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේය.

ජනාධිපතිවරණයට තමන් තරග කරන බව රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන්ද තම දැනුම් පක්ෂය දැනුවත් කළහොත් පක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා මහින්ද බැසිල් රාජපක්ෂ මහත්වරුන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට හැකියාව ඇති නමුත් දැන් සිදුවෙමින් ඇත්තේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගේ හිතවාදී පිලට බාගැනීම බවත් පක්ෂයේ අදහස වී තිබේ.

පවතින තත්ත්වය තවදුරටත් වෙනස් නොවන්නේ නම් පොදු ජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ට නම් කිරීම නොවැළැක්විය හැකි තත්ත්වයට පත්වනු ඇති බවද හෙතෙම තව දුරටත් කියා සිටි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *