Latestදේශීය

දියවන්නා ඔයේ මළ සිරුරක්

දියවන්නා ඔයේ පාවෙමින් තිබියදී නාඳුනන මළසිරුරක් සොයාගෙන තිබේ.

දියවන්නාව ජපන් මිත්‍රත්ව මාර්ගයේ ශරීර සුවතා මංතීරුව අසලදී පුද්ගලයෙකු විසින් අද (20) උදෑසන මෙම මළසිරුර දැක ඇත.

පසුව ඒ සම්බන්ධයෙන් තලංගම පොලීසිය දැනුවත් කර තිබේ.

පොලීසිය පැවසුවේ වයස අවුරුදු 60 හෝ 65ක පමණ පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවය.

තලංගම පොලීසිය හා මිරිහාන සොකෝ ඒකකය විසින් මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදුකරයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *