විමතියට පත් පොලිස් මිළදීගැනීම්
පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා රුපියල් කෝටි සිය ගණනක ගනුදෙනුවක් සඳහා කැබිනට් අනුකාරක සභාවේ අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.
මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් රජයේ ලියාපදිංචි සැපයුම්කරුවන් පුදුමයට පත්වී ඇති බව පසුගිය සතියේ Sunday Times පුවත්පත වාර්තා කර ඇත.
මිල දී ගැනීමට සූදානම් වන්නේ පාවහන් යුගල 70,000ක්, ක්‍රීඩා පාවහන් යුගල 58,500ක් සහ කාකි නිල ඇඳුම් සඳහා භාවිතා කරන රෙදි මීටර් 732,000ක් වශයෙනි. මේ සඳහා වෙන වෙනම ටෙන්ඩර් පත් තුනක් කැඳවා ඇති අතර අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව එම මිල දී ගැනීම්වලට අනුමැතිය ලබා දී ඇත.
ටෙන්ඩර් පත් මගින් ඉදිරිපත් කර තිබූ මිල ගණන් මේ දක්වා හෙළි වී නොතිබිණි. නමුත් රජයේ ලියාපදිංචි සැපයුම්කරුවන් එක්වර මිල දී ගැනීමට සූදානම් වන ප්‍රමාණයන් සහ මිල ගණන් පිළිබඳව විමතියට පත් ව ඇති බව එම පුවත්පත හෙළි කර තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

