අතුරුගිරියේ වෙඩ්තැබිමට කාන්තාවක් සැකපිට අත්අඩංගුවට
අතුරුගිරිය ටැටු මධ්‍යස්ථානය තුළදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයන් සිව් දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් 21 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
මිරිස්ස පොල්අතු මෝදර අඹ ගහපත්ත ප්‍රදේශයේ නිවසකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 7 ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන අද 22 දක්වා රිමාන්ඞ් භාරයට පත් කර ඇත.
එම පිරිස අතර ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු, මෝටර් රථය සහ වෑන් රථය ලබා දුන් පුද්ගලයන් හා රැගෙන ආ පුද්ගලයන්ද වේ.
එම ඝාතනය ඩුබාහි සැඟව සිටින ලොකු පැටි හා ගොනා කෝවිලේ ශාන්ත නැමැති අපරාධකරුවන් දෙදෙනා සෘජුවම එක්ව සැලසුම් සහගතව සිදුකළ ඝාතනයක් බවට පොලිසිය මේ වන විට අනාවරණය කරගෙන ඇත.
වෙඩික්කරුවන් දෙදෙනා සිදුකළ එම වෙඩි ප්‍රහාරයෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පිනි කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිද හා තවත් පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවක් තුවාල ලැබීය.
@Lankadeepa News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

