Latestදේශීය

ජාතික ආරක්ෂක විද්‍යාතනයේ හිටපු අධ්‍යක්ෂ අසංක අබේගුණසේකර අත්අඩංගුවට

ජාතික ආරක්ෂක විද්‍යාතනයේ හිටපු අධ්‍යක්ෂ අසංක අබේගුණසේකර කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විමර්ශනයකට අදාළව අධිකරණය විසින් නිකුත් කර තිබූ විදේශ ගමන් තහනමකට අනුවයි.

හෙතෙම හිටපු දේශපාලඥයකු වන ඔසී අබේගුණසේකරගේ පුත‍්‍රයායි.

මේ අතර ඔහු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පැවැත් වූ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක් සම්බන්ධයෙන් විමර්ශනයක්ද පැවැත්වෙමින් ඇත.

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් වාර්තාවක් ද යොමු කර තිබේ.

අදාළ සාකච්ඡාව අන්තර්ජාල නාලිකාව මගින් මේ් වන විට ඉවත් කිරීමටද කටයුතු කර ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *