Latestදේශීය

ව්‍යවසායකයින්ට අඩු පොලියට ණය ක‍්‍රමයක් – මුදල් රාජ්‍ය අමාත්‍යංශය

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා 07%ක සහනදායී පොලී අනුපාතයක් සහිත ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමේ අරමුණින් එම ණය යෝජනා ක්‍රමය හඳුන්වාදි තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත රුපියල් බිලියන 50 ක ප්‍රතිපාදන ඒ සඳහා වෙන්කර තිබේ.

මෙම යෝජනා ක්‍රමය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට උපරිම රුපියල් මිලියන 10ක් දක්වා ණය ලබා ගැනීමට හැකියාව ඇතිබව මුදල් රාජ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *