Latestවිදේශීය

ලෝක නායකයන්ගේ විලාසිතා දැක්ම

(විමුක්ති එස්. රුද්‍රිගු)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු ප්‍රසිද්ධ ලෝක නායකයන් සහ තාක්ෂණික ලෝකයේ දැවැන්තයන්ගේ රුව යොදා ගනිමින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද විලාසිතා දැක්මක වීඩියෝවක් ටෙස්ලා සමාගමේ නිර්මාතෘවරයකු මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ද වන ඊලෝන් මසක් ඔහුගේ එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ලෝකයා සමග බෙදා හදා ගත්තේය.

නව අදහස් ක්‍රියාත්මක කිරීමට කිසිම විටකත් බිය නොවන ඊලෝන් මස්ක් “කෘත්‍රිම බුද්ධි විලාසිතා දැක්මකට මේ වේලාවයි” ලෙස පවසමින් ඔහු එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වීඩියෝව බෙදා හදා ගෙන තිබූ අතර එම වීඩියෝව ලක්ෂ 350 කට වැඩි පිරිසක් නරඹා තිබිණ.

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මාර්ක් සකර්බර්ග්, චීන ජනාධිපති ෂි ජින්පින්, ෆ්‍රැන්සිස් පාප්තුමාගේ රුව සහ ඊලෝන් මස්ක් ඔහුගේ රුව ද මෙම විලාසිතා දැක්ම සඳහා යොදාගෙන ඇත.

අනාගතයේදී ඔවුන් ඇඳ පැළඳ සිටි හැකි ඇඳුම් ආයිත්තම් උපකල්පනය කර කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කෙරුණ විලාසිතා දැක්මේ වීඩියෝව නිර්මාණය කර තිබිණි. විනාඩි එකයි තත්පර විසි තුනක් පුරා දිවෙන වීඩියෝවේ ඔවුන් එම ඇදුම් වලින් සැරසී වේදිකාවේ ඇවිද එන අයුරු දැකගත හැකියි.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *