පැරඩයිස් බලන්න එන්න
යථාවේ නිරයට පාරාදීසයෙන් ඇරයුමක් යන මැයින් මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය විසින් සංවිධානය කරන ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ පැරඩයිස් චිත්‍රපටය නැරඹීම සහ සංවාදය ජූලි මස 25 දහවල් 1.30ට මරදාන සිනෙසිටි සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.
චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුව සවස 3.00ට සංවාදය ආරම්භ වනු ඇති. එහිදී මූළික අදහස් දැක්වීම විදර්ශන කන්නන්ගර, ජීවන්ත පීරිස් පියතුමා, විමුක්ති ජයසුන්දර, ශේනු පෙරේරා, සෙබස්තියන් මෝහන් රාජ් සිදුකරනු ලබන අතර සංවාදය මෙහෙයවීම ගීතිකා ධර්මසිංහ විසින් සිදුකිරීමට නියමිතයි.
සවස 5.00ට විවෘත සංවාදය ආරම්භ කිරීමට නියමිතයි.
චිත්‍රපටය නැරඹීමට සහ සංවාදය පෝෂණය කිරීමට පැමිණෙන ලෙස මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය සැමට ආරාධනා කර සිටී.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

