Latestවිදේශීය

බයිඩන්ගේ තැන කමලා හැරිස්ට

එළඹෙන නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් නොවන බවත් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස උප ජනාධිපතිනී කමලා හැරිස් නම් කරන බවත් ඇමරිකාවේ ජනාධිපති 81 හැවිරිදි ජෝ බයිඩන් පවසයි.

වයස සැලකිල්ලට ගෙන ඔහුට ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වන ලෙස ඩිමොක්‍රටික් පක්ෂය තුළින් දිගින් දිගටම බලපෑම් එල්ල වී තිබේ.

ඔහු මේ වනවිට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්ව සිටින වයස්ගතම පුද්ගලයා ලෙසද ඉතිහාස ගත වී ඇත.

කමලා හැරිස් ඉන්දීය සම්භවයක් ඇති කාන්තාවක් වන අතර ඇය මෙවර ජනාධිපතිවරණයේදී තේරීපත් වුවහොත් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව ඇය වනු ඇත.

ප්‍රතිවාදී අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් 78 හැවිරිදි වියේ පසු වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වීමට නියමිතය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *