Latestදේශීය

මහින්ද ඇතුළු ‌පොදුජන පෙරමුණට ස්තූතියි – රනිල් වික්‍රමසිංහ

අයවැයෙන් මුදල් වෙන්කලේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (22) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට සහතිකවී තිබේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 22 පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ආණ්ඩුව පවත්වාගෙන යාමට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ස්තූතිවන්ත වන බවයි.

තමන් ජනාධිපතිවරණය කල්දැමීමට සූදානම් වන බවට විපක්ෂ මත පළ කළද තමා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බවද සදහන් කළේය.

පසුගිය සමය ඉතාම දුෂ්කර කාලයක් වූ බවත් පැවසූ ජනාධිපතිවරයා මේවනවිට රට එම දුෂ්කර කාලය ගෙවා දමා ඇති බවද පැවසීය.

තම රජය වැඩකර රටට පෙන්වා දුන් බවත් විපක්ෂ ඇතුළු අනෙක් කණ්ඩායම් තවමත් කතා පවත්වමින් සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

@Repoter


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *