ජනාධිපතිවරණ දිනය 26ට පෙර කියනවා – R M A L රත්නායක
(නාගොඩ සුමන උදයන්ත)
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තීරණය කර අවසන් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ලබන සිකුරාදාට (26) පෙර එය නිල වශයෙන් ප්රකාශයට පත්කිරීමට නියමිතයි.
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ හමුවක් ලබන බදාදා (24) හෝ බ්රහස්පතින්දා (25) පැවැත්වීමට නියමිතයි.
එම හමුවේ අනතුරුව මැතිවරණය පැවැත්වෙන දිනය නිල වශයෙන් ප්රකාශයට පත්කිරීමට නියමිත බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසීය.
එම හමුවේදී ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව පැවසීය.
ජනාධිපතිවරණය ප්රකාශයට පත්කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබී අදට (22) දින 05ක් ගතවෙයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

