Latestදේශීය

පොහොට්ටුවේ ප්‍රභලයින් කොළඹට කැඳවයි – ජනාධිපතිවරණය නිසා සීසීකඩ වන ලකුණු

ඉදිරි ජනාධිපතිවරණයේ පොදු ජන පෙරමුණ සහාය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

පොදු ජන පෙරමුණේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකත්වයට ඉදිරිපත් විය යුතු බවට යෝජනා සම්මතයත් සමඟ මෙම හදිසි සාකච්ඡාව කැඳවා තිබේ.

මේ අතර එම පක්ෂයේ තවත් කණ්ඩායමක් පොදු ජන පෙරමුණින්ම වෙනත් අපේක්ෂකයෙකු වූ ඉදිරිපත් කළ යුතු බවට දැඩි මතයක කටයුතු කිරීමත් සමඟ එතුල පවතින මත ගැටුම් උග්‍ර අතට හැරී තිබේ.

ජනාධිපතිවරණය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කිරීමට පෙර පවතින අර්බුදකාරී තත්ත්වය විසඳා ගැනීමට පොදු ජන පෙරමුණ බලාපොරොත්තු වෙයි.

එම පෙරමුණේ සියලු ආසන සංවිධායකයන් හා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් අද දිනයේ පක්ෂ මූලස්ථානයට කැඳවා ඇත.

ඒ ඉදිරි ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය විමසා දැනගැනීමටය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *