Latestදේශීය

නිසැකවම පවත්වන ජනාධිපතිවරණයට ලිපිද්‍රව්‍ය මිළදී ගනී

(ජේ.ඉඳුරුවගේ)

මැතිවරණයක් සඳහා අවශ්‍යවන නොමැකෙන තීන්ත ඇතුළු ලිපි ද්‍රව්‍ය කඩිනමින්  මිලදී  ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව නොමැකෙන තීන්ත ,ලිපිකවර ,පෑන්,පැන්සල්,කාබන් කොල,  මුද්‍රණ කඩදාසි  ඇමුණුම් කටු ,ඝනක යන්ත්‍ර  ඇතුළු මැතිවරණයේදී ඡන්ද පාවිච්චි කිරීමට අවශ්‍ය කෙරෙන ලිපිද්‍රව්‍ය මිලට ගැනීමට ලංසු කැඳවීම ඊයේ (22) ආරම්භ කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එලඹෙන අගෝස්තු 02දා ජාතික තරගකාරී ක්‍රමයට කැඳවා ඇති ලංසු විවෘත කර ලංසු ප්‍රදානය කිරීමටද කටයුතු යොදා තිබේ.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *