Latestදේශීය

හඩ්සන් ඇයි මේ අඬන්නේ?

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මරණීය තර්ජන එල්ල කර ඇති බව පසුගිය 14 වෙනි දින සිළුමිණ පුවත්පතේ මුල් තැනක් දී ප්‍රචාරය කර තිබූ අතර බන්දුල ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේ දී එම ප්‍රචාරය එලෙසින් ම සිදු කරනු ලැබීය.

ඊට අමතරව, අද (23) උදෑසන ගුවන් විදුලියේ ස්වදේශීය සේවයේ පැයක වැඩ සටහනක් ඉදිරිපත් කරන අතර හඬා වැටීම් සිදු කරන ආකාරයෙන් රංගනයක් ද ඉදිරිපත් කර තිබිණි. නමුත් තමන්ට එල්ල වී ඇති තර්ජනය පිළිබඳව පොලිසියට පැමිණිලි කර අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගත් බවක් මේ දක්වා කිසිම තැනක සඳහන් කර නැත.

ඒ වෙනුවට පොලිස් පැමිණිල්ලක් වත් නොමැති ප්‍රබන්ධයක් බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවට පවා ගෙන ගොස් 24 වෙනි දින හෝ ආසන්නයේ පළ කරන දිනමිණ පුවත්පතේ ප්‍රවෘත්තියකට මාතෘකාවක් සපයා දී තිබේ. එසේ පළ කරන ප්‍රවෘත්තිය පුවත්පත් සිරස්තල කියවන මුවාවෙන් එක පුද්ගලයෙකු නැවත සමාජය වෙත මුදා හැරීමට රූපවාහිනී නාලිකාවක් ද කටයුතු කරමින් සිටී.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *