අන්ධ ඡන්ද දායකයන්ට විශේෂ ඡන්ද පත්‍රිකාවක්
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
එළඹෙන ජනාධිපතිවරණයේදී දෘෂ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් පළමු වරට නිකුත් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවැසීය.
මේ අතර ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය මගී ජනතාවට ලබාදීම සදහා සාධාරණ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට එම කාරක සභාවේ සභාපති මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා නිර්දේශ කළේය.
වර්ජන අවස්ථාවලදී විදෙස් සංචාරකයන් සදහා විශේෂ දුම්රියක් යෙදවීම සදහා කටයුතු කරන ලෙසටද කමිටුව ප්‍රවාහන අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

