Latestදේශීය

ප්‍රසන්න නිසා රනිල්ට බර හානි

එක්සත් ජාතික පක්ෂය මූලික කර ගෙන නව සන්ධානයක් පිහිටුවා ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් දියත් කිරීමට සැලසුම් කර තිබූ සියලුම ක්‍රියාමාර්ග ප්‍රසන්න රණතුංග නිසා බිඳ වැටී ඇති බව වාර්තා වේ.

පසුගිය 21 වෙනි දින කඩවත දී පවත්වන ලද රැලිය ඇමතූ ප්‍රසන්න රණතුංග ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහගේ නම ඉදිරිපත් කරමින් යෝජනා සම්මත කර ගැනීම නිසා එම සැලසුම් බිඳ වැටී බවත්, රවී කරුණානායක, හරීන් ප්‍රනාන්දු, වජිර අබේවර්ධන මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට පැමිණිලි කර ඇති බව ද අනාවරණය වේ.

ඔවුන් ප්‍රසන්න රණතුංගගේ ක්‍රියාමාර්ගය දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින් “එයා අපිවත් කපා ගෙන ලකුණු දා ගන්න ගිහින් සැලසුම් සියල්ල අවුල් කළා“ යනුවෙන් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ රැස්වීම පසුගිය සඳුදා රැස් වූ අවස්ථාවේ දී මේ පිළිබඳව බරපතළ ලෙස සාකච්ඡා කර තිබේ. රනිල් වික්‍රමසිංහගේ පිළිතුර වී තිබෙන්නේ ප්‍රශ්න ඇති නොකර ගෙන ඉවසීමෙන් වැඩ කළ යුතු බව ප්‍රකාශ කිරීම ය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *