Latestදේශීය

රනිල් කොතරම් ප්‍රභල ද සජිත් කොතරම් දුබල ද දැනගන්න – රංගේබන්ඩාර

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට ප්‍රබල වී ඇති ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර නිල වශයෙන් තොරතුරු හෙළි කර තිබේ.

පසුගිය 21 වෙනි දින පළ කරන ලද ලංකාදීප පුවත්පතට සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු ඒ පිළිබඳව තොරතුරු හෙළි කර ඇත. එම පුවත්පතේ මාධ්‍යවේදී අංජුල මහිමක වීරරත්න නැගූ ප්‍රශ්නයකට ලබා දුන් පිළිතුරෙන් හෙළි වී තිබෙන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව හෝ රනිල් වික්‍රමසිංහ වෙත තහවුරුවක් නොමැති බව ය. මාධ්‍යවේදීයා නැගූ එම නිශ්චිත ප්‍රශ්නය සහ රංගේබණ්ඩාර ලබා දුන් පිළිතුර උපුටා ගෙන පහත දැක්වේ.

ප්‍රශ්නය – සජබෙන් එනවා කියන පිරිස කෝ? ඒ කතා කටින් බතල කොළ සිටුවීමක් විතරද?

උත්තරය – සජබෙ කියන්නේ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න කිහිප දෙනා විතරක් නෙමෙයි නේ. විසි හත් ලක්ෂයක් ඔවුන්ට ඡන්දය දුන්නා. දැන් වඩිවෙල් ශුරේෂ් සමඟ කණ්ඩායමක් ආවේ, ඒ අය සජබේ නෙමෙයිද? සමරවීර වීරවන්නි එක්ක ආපු කණ්ඩායම සජබෙ නෙමෙයිද? සජබෙට ගිය පළාත් පාලන මන්ත්‍රීවරු, සභාපතිලා විපක්ෂ නායකලා ආදී විශාල පිරිසක් මේ වනවිට එජාපය සමඟ එකතු වෙමින් සිටිනවා.

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහ වෙත එක්කර ගැනීමට මාස ගණනාවක සිට විවධ ප්‍රයත්න දරමින් සිටන අතර මේ ආකාරයට සුළු සිදුවීම් ඉස්මතු කර පෙන්වීමට සිදු වී තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *