Latestදේශීය

තීරණාත්මක මැතිවරණ කොමිසම හෙට රැස්වේ

දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් යොමුව ඇති මැතිවරණ කොමිෂන් සභා රැස්වීම එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

බ්‍රහස්පතින්දා පෙරවරුවේ අදාළ රැස්වීම පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් හා එහි දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව මූලික වශයෙන් පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

කෙසේවෙතත් මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම සති අන්තයට ප්‍රථම ජනාධිපතිවරණ දිනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන බවය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *