දකුණු ආසියා කරාටේ ශූරතාවලිය – ලංකාවට පදක්කම් 53ක්
භූතානයේ තිම්පු නුවරදී නිමාවූ දකුණු ආසියා කරාටේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 5ක් රිදී පදක්කම් 18ක් හා ලෝකඩ පදක්කම් 30ක් සමඟ මුළු පදක්කම් 53ක් හිමි වෙයි.
රටවල් 7ක් අබිබවා කුම්තේ ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගැනීමට කොළඹ විශාඛා විදුහලේ නෙතුකි දුලන්සා ජයදේව හා ආනන්ද විදුහලේ බිම්සර යොහාන් සමත්වූ අතර, ජ්‍යෙෂ්ඨ කුම්තේ අංශයෙන් හිමාෂා දිව්‍යාංජලී, එස්.එම්. නවීෂා හා කාතා අංශයෙන් ඩබ්ලිව්.එම්.ටී. තිනාරා රන් පදක්කම් දිනා ශ්‍රී ලංකාවට ගෞරවය අත්කර දුන්හ. ශ්‍රී ලංකාවට පදක්කම් හිමිකර දුන් ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියහ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

