රෝගී වූ ධීවරයෙක් ගොඩබිමට රැගෙන එයි
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී රෝගාතුර වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක් වෙත ලබාගැනීමෙන් අනතුරුව, අද ( 24) ගොඩබිමට රැගෙනවිත් තිබෙයි
ගොඩබිමට රැගෙන ආ මෙම ධීවරයා ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබෙයි.
නිල්වැල්ල ධීවර වරායෙන් 2024 ජුලි මස 04 වන දින ධීවරයින් හය දෙනෙකු (06) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “Nethum putha 03” (ලියාපදිංචි අංක IMUL-A- 0843 TLE) බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු මෙලස හදිසියේ මුහුදේ දී රෝගාතුර වී ඇත.
එම ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදු කෙරිණි.
ඒ අනුව, එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව,කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, රෝගාතුර වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයා මුදවා ගැනීම සඳහා සහය වන ලෙස, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ගමන් ගත් ‘MT Lijmiliya’ නැමැති විදේශීය නෞකාව දැනුවත් කෙරිණි.
ඒ අනුව, රෝගාතුර වූ ධීවරයා එම නෞකාව වෙත ලබාගැනීමෙන් අනතුරුව, මූලික ප්‍රථමාධාර ලබාදෙමින් අද දින අළුයම ගාල්ල වරාය ආසන්නයට රැගෙන ඒමට කටයුතු කෙරිණි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

