Latestක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම පැරිස් (ඔලිම්පික්) බලා පිටත්වෙයි

සිකුරාදා(26) ආරම්භ වීමට නියමිත පැරිස් ඔලිම්පික් උලෙළ සඳහා සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කන්ඩායම මීට සුලු මොහොතකට පෙර පැරිස් නුවර බලා පිටත් වුණා.
මීටර 400 ශූර අරුන දර්ශන, මීටර 800 ධාවන ශූරී තරුශි කරුණාරත්න සහ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ සිය පුහුණුකරුවන් ද සමග අද (24) රාත්‍රී 9.15 ට ප්‍රංශය බලා පිටත්ව ගියේ කටාර් ගුවන් සේවයේ QR 657 ගුවන් යානයෙන්.
තරුශි කරුනාරත්නගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු, අරුන දර්ශගේ පුහුණුකරු අසංක රාජකරුණා සහ ලේකම්ගේ ක්‍රීඩිකාවගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත අද දින පිටත්වූ අතර කන්ඩායමේ කළමනාකරු වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන පසුව පැරිස් නුවර බලා පිටත්වනු ඇති.
ඔලිම්පික් උලෙළේ මලල ක්‍රීඩා තරග අගෝස්තු පලමුවන දා ආරම්භ වීමට නියමිතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *