Latestවිදේශීය

අභ්‍යවකාශ ‌ලෝක සම්මානය ඉන්දියාවට

සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට සාර්ථකව යානයක් ගොඩ බස්වා චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථකව අවසන් කිරීමට සමත්වීම හේතුවෙන් ජාත්‍යන්තර ගගනගාමී සම්මේලනයේ ලෝක අභ්‍යවකාශ සම්මානය ඉන්දියාවට පිරිනමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවට, රුසියාවට සහ චීනයට පසු සඳ මත මෘදු ගොඩබැස්මක් සිදු කළ සිව්වැනි රට බවට ඉන්දියාව පත්වූ අතර, ඉතාලියේ මිලාන් නුවර ලබන ඔක්තෝබර් මස 14 වැනිදා පැවත්වෙන ජාත්‍යන්තර ගගනගාමී කොන්ග්‍රසයේ 75 වැනි සමුළුවේදී එම සම්මානය පිරිනැමීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් පසුගිය වසරේ අගෝස්තු මස 23 වැනිදා එම මෙහෙයුම දියත් කළ අතර, එය ඉන්දීය අභ්‍යවකාශ මෙහෙයුම් ඉතිහාසයේ සංධිස්ථානයක් බව ජාත්‍යන්තර ගගනගාමී සම්මේලනය නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *