බිත්තර මිළ අඩු නොකලොත් රටින් ගෙන්වනවා – නලීන් ප්‍රනාන්දු
බිත්තරයක සිල්ලර මිල රුපියල් 40ක් දක්වා අඩු කිරීමට හැකියාව පවතින බව නලින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ උත්සව සමයේ බිත්තර නිෂ්පාදකයින් මිල අඩු කිරීමට පියවර නොගන්නේ නම් යළිත් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පියවර ගන්නා බවය.
“රුපියල් 6කින් එක පාරටම බිත්තර අඩුවෙලා. මම ඒ ගැනත් පාරිභෝගික අධිකාරියෙන් වාර්තා ගන්නවා. දිගින් දිගටම බලනවා අනිවාර්යයෙන්ම බිත්තරේ රුපියල් 40කටවත් ලබාදෙන්න බැරි නම් ආනයනය කරන්න වෙනවා. මොකද උත්සව සමය ආරම්භ වෙනවා දෙසැම්බර්. කේක් නිෂ්පාදකයෝ බිත්තර විශාල ප්‍රමාණයක් ගන්නවා. මෙයාලට බිත්තර අඩු නම් අනිවාර්යයෙන්ම බිත්තර ආනයනය කරන්න වෙනවා. එහෙම නැත්නම් පාරිභෝගිකයින්ට හරි මිලට බිත්තර දීලා ඔවුන්ව ආරක්ෂා කරන්න ඕනේ.”
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

