Latestදේශීය

විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක්

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට ඊයේ (24) රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමත කරනු ලැබුවා.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මාධ්‍ය වෙත පැවසුවේ මෙම විශේෂ මාසික දීමනාව 2024 සැප්තැම්බර් මස සිට වැටුප් විෂමතා නිවැරදි කරන තෙක් ගෙවීමට නියමිත බවය.

“රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් වෙනම කමිටුවක් පත් කරලා තිබෙනවා. සෑම ක්ෂේත්‍රයකම තිබෙන වැටුප් විෂමතා එකවර විසඳන්න තමයි කමිටුව පත් කළේ. ඒ අතරතුර ඒ කමිටුවේම අදහසක් අනුව තමයි මේ කටයුතු සම්පූර්ණ වෙනකම් විශ්‍රාමිකයන්ට සැප්තැම්බර් මාසයේ සිට රුපියල් 3000ක දීමනාවක් දෙන්න තීරණය කළේ. ලක්ෂ 7කට විතර ඒ ප්‍රතිලාභය ලැබෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *