Latestදේශීය

කන්චන නිසා නාමල් අසරණ වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් පසුගිය 23 වෙනිදා නෙළුම් මාවතේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රනිල් පිලෙන් ප්‍රබල ප්‍රහාරයක් රාජපක්ෂලාට එල්ල කර තිබේ.

එම රැස්වීමෙන් පසුව පිටතට පැමිණ මාධ්‍යයට අදහස් දැක්වූ කංචන විජේසේකර ඍජුව ම රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටිමින් අදහස් දැක්වූ අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නාමල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ අන්ත අසරණ මට්ටමකට ඇද වැටුණු වීඩියෝ රූප රාමු මාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලැබීය.

එමෙන් ම, මේ වනවිටත් රාජපක්ෂවාදියෙකු ලෙස සිටින තිස්ස කුට්ටිආරච්චි අදහස් ප්‍රකාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඔහුව ඉවතට තල්ලු කර දමා රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඍජුව ම ප්‍රසන්න රණතුංග කරුණු දැක්වීය. එම කරුණු දැක්වීමේ දී තිස්ස කුට්ටිආරච්චිටත් වාග් ප්‍රහාරයක් එල්ල කරමින් අන්ත අසරණ තත්වයට ඇද දමනු ලැබීය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *