Latestක්‍රීඩාදේශීය

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විනය අංක එක… පච්ච,මාල,කරාබු, කොන්ඩ මෝස්තර බැහැ – සනත් ජයසූරිය

මින් ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ ක්‍රීඩා කිරීමටනම් විනයගරුක වියයුතු බවත් විනය ගරුක ක්‍රිකට් ක්‍රීකයෙකු ලෙස පච්චා කෙටීම්, මාල හෝ කරාබු පැළඳීම සහ කොණ්ඩා මෝස්තර දැමීම සිදු නොකළ යුතු බවත් 2015න් පසු කණ්ඩායමට රිංගා ගත් කොණ්ඩා මෝස්තර, පච්ච කෙටීම් සහ කරාබු පැළඳීම් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම ආරම්භ වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුව අමතමිණි.

ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් අන්තර්ජාතික තරගවලට සහභාගි වීමට නම් පච්චා කෙටීම්, මාල හෝ කරාබු පැළඳ ක්‍රීඩා කිරීම අතහැර, කොණ්ඩය නිසි පරිදි කපා විනයක් ඇතිව පැමිණිය යුතු යැයිද ඔහු සඳන් කරයි.

“අපි ලොකු දේවල් කරන්න හදන්නේ නැහැ. ඒත් පොඩි පොඩි දේවල් වුණත් පිළිවෙලක් ඇතුව කෙරෙන්න ඕන. දැනට අපි කියලා තියෙන්නේ අන්තර්ජාතික තරගවලට එනකොට, ඔය කොණ්ඩා මෝස්තර, කරාබු, පච්ච වගේ දේවල් ගෙදර තියල එන්න කියලයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම ආරම්භ වූයේ 2015 පමණ සිට. ඒ කාලයේදී කණ්ඩායමට රිංගා ගත් කොණ්ඩා මෝස්තර, පච්ච කෙටීම් සහ කරාබු පැළඳීම් නිසා එක් එක් ක්‍රීඩකයන් මහත් සේ ජනප්‍රිය වුනා. නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව බිංදුවටම වැටුණා.” යැයි ඔහු සඳහන් කරයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *