ජනාධිපතිවරණය ස්තීරයි – අවශ්‍යනම් මහමැතිවරණයත් එකටම තියන්න පුළුවන්
දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධුරයේ කටයුතු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නැතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසන්නේ යම් හෙයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකට හැසිරවීමට මතිවරණ කොමිෂන් සභාවට හැකියාව තිබෙන බවයි.
මේ වන විටත් ජනාධිපතිවරණයට අදාල මූලික කටයුතු දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යායාල හරහා සිදුවෙමින් ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ සතිය අවසානයේ ජනාධිපතිවරණය සඳහා දින නියම කරන බවත් යම් හෙයකින් මහ මැතිවරණයද ප්‍රකාශයට පත් කිරීමක් සිදුවුවහොත් එම මැතිවරණ දෙකම එකවර හැසිරවීමේ හැකියාවක් කොමිසමට ඇති බවද හෙතෙම පැවසීය.
කෙසේ නමුත් මැතිවරණ දෙකම එකම දිනයේ පැවැත්වීමට නොහැකි බවත් ඒ සඳහා සුදුසු දින දෙකක් යොදාගෙන මැතිවරණ පැවැත්විය හැකි බවත් හෙතෙම මැතිවරණ කොමිසමේදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

