වැල්පාලමේ ගිය රනිල්ගේ ප්‍රතිඵල මෙන්න
කිසිවෙකුත් ඉදිරිපත් නොවූ අවස්ථාවේ තමන් ඉදිරිපත් වී වැල් පාලමෙන් එගොඩ කළ බව ප්‍රකාශ කරන රනිල් වික්‍රමසිංහ යටතේ 2023 වර්ෂයේ දී මෙරට ජනතාව වැටී ඇති අන්ත ප්රපාතය පිළිබඳව නිල සංඛ්‍යා දත්ත නිකුත් වී තිබේ.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති ගෘහ ඒකක සමීක්ෂණ 2023 වාර්තාවේ ජන ජීවිතය කඩා වැටීම පිළිබඳව දත්ත රැසක් හෙළි වී ඇත. ඒ අතරින් ප්‍රමුඛතම වී තිබෙන්නේ එදිනෙදා ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ම මෙරට පවුල් අතරින් 22.3%ක් ණය ලබා ගන්නා බව ය. අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් ණය ගැනීම් මෙයට ඇතුලත් නොවන අතර ආහාර සපයා ගැනීම වෙනුවෙන් පමණක් මෙලෙස ණය වීමට සිදු වී තිබේ.
එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකු මෙන් ම මූල්‍ය සහ ලීසින් සමාගම් යන විධිමත් ආයතනවලින් ලබා ගත් ණය සම්බන්ධ විස්තර මෙම වාර්තාවට ඇතුළත් වන බවයි. ග්‍රාමීය ජනතාව, අවිධිමත් ණය ලබාදීම් හෝ ගැනීම් තුළින් එදිනෙදා අවශ්‍යතා සඳහා විශාල වශයෙන් ණය ලබා ගන්නා අතර එම දත්තවලට එම තොරතුරු අන්තර්ගත නොවේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

