වික්‍රමබාහු කරුණාරත්න මියයයි
නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ මහතා අද(25) අලුයම අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සදහන් කරයි.
මියයන විට ඒ මහතා 81 වන වියේ පසුවුණි.
වික්‍රමබාහු කරුණාරත්න මහතා වාමාංශික දේශපාලනය වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ අයෙකි.
ඔහුගේ අභාවය ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනයෙහි එක් පරිච්ඡේදයක අවසානය සනිටුහන් කරනු ඇත.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන වික්‍රමබාහු කරුණාරත්න මහතා බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ විදුලි ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකි. විද්වතුන් විසින් අයිසැක් නිව්ටන්ටත් වඩා ඉහළින් ඔසවා තැබූ මහා භෞතික විද්‍යාඥයා වන, ස්ටීවන් හෝකින් බාහු සහෝදරයා සමඟ එකම පීඨයක අධ්‍යාපනය හැදෑරූ සරසවි සගයෙකි.
දේශපාලනය කළ කාලය තුළත් ඔහු විවිධාකාරයේ පර්යේෂණ කළේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

