Latestදේශීය

ඩග්ලස් පීරිස් ඇතුළු 4කට සිර දඬුවම්

තරුණයකු මරණයට පත් කිරීමේ අරමුණින් 1989 වසරේදී සුදු වෑන් රථයක් භාවිත කරමින් පැහැරගෙන යෑමේ චෝදනාවට වරදකරුවන් කරමින් ගම්පහ මහාධිකරණය විසින් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජෝශප් ඩග්ලස් පීරිස් ඇතුළු පොලිස් නිලධාරීන් සිවුදෙනකුට නියම කොට තිබූ වසර 05 බැගින් වූ සිර දඬුවම් ස්ථිර කළ අභියාචනාධිකරණය ඔවුන්ගේ සිර දඬුවම් වහාම ක්‍රියාත්මක කිරීමට ඊයේ (25) නියෝග කර තිබේ.

එම නඩුවේ පස්වන විත්තිකාර රංජිත් ජයසේකර නමැති නිලධාරියා නිදොස් කොට නිදහස් කිරීමටද මේනකා විජේසුන්දර හා විකුම් කළුආරච්චි යන විනිසුරු මඬුල්ල නියෝග කර ඇත.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පැවති සමයේ එනම් 1989.01.01 වැනිදා නිල ඇඳුමින් සැරසී දෙල්ගොඩ ප්‍රදේශයේදී රත්නචන්ද්‍ර ලියනගේ නමැත්තා මරණයට පත් කිරීමේ අරමුණින් පැහැරගෙන යෑම ඇතුළු අධිචෝදනා 07ක් යටතේ නීතිපති විසින් එම විත්තිකරුවන්ට වසර පහ බැගින් 2009.08.26 වැනිදා සිර දඬුවම් නියම කොට තිබිණි.

විත්තිකරුවන් එකී දඬුවමට එරෙහිව ගොනු කර තිබූ අභියාචනා පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව ඊයේ නිකුත් කරමින් විනිසුරු මඬුල්ල පෙන්වා දී ඇත්තේ 1, 2, 3, 4 යන විත්තිකාර පොලිස් නිලධාරීන් සිව් දෙනාට ලබාදී තිබූ තීන්දුව නීතියට අනුකූල බවය.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහන්ත අබේසූරිය නීතිපති වෙනුවෙන් අදිකරණයේ පෙනී සිට ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *