Latestදේශීය

නයාට අඳු කොළ වගෙයි රනිල්ට ශ්‍රේෂ්ඨාධිකරණය – අනුර දිසානායක

රනිල් වික්‍රමසිංහට අද ශ්‍රේෂ්ඨාධිකරණය නයාට අඳු කොළ තත්වයට පත්ව ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.

ඔහු මේ බව පැවසූවේ ජයන්තිපුර බත්තරමුල්ල ස්ථානයේ ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවේ රැස්ව සිටි පිරිස අමතමිණි.

“ශ්‍රේෂ්ඨාධිකරණය රනිල් වික්‍රමසිංහට නයාට අඳු කොළ වගේ වෙලා. ශ්‍රේෂ්ඨාධිකරණය සමඟ ගැටුමක් නිර්මාණය කර ගැනීමට උන්මත්තක රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් ඉන්නවා. දිනේෂ් ගුණවර්ධනට අභියෝග කරනවා පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිත් අධිකර තීන්දුව ගැන කතා කරන්න කියලා. දේශබන්දුට කියනවා පුළුවන්නම් පොලිසියේ කුමන හෝ කටයුත්තකට පොලිස්පති ලෙස අත්සනක් යොදා පෙන්වන්න කියලා.” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක එහිදි අවධාරණය කළේය.

මෙම අවස්ථාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, රවී සෙනෙවිරත්න, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති, ජේ.ඒ.කේ. මාර්ක්, මැතිවරණ කටයුතු පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය, පොලිස්පති ගාමිණී නවරත්න, හිටපු අමාත්‍යංශ ලේකම්, තිස්ස වර්ණසූරිය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක් සහභාගි විය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *