රත්තරන් උගස් කළ අයට සහන වැඩපිළිවෙලක් තවම නැහැ – මහබැංකු අධිපති
බැංකුවල රන් ආභරණ උකස් කර පුද්ගලයන්ට සහන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබුණද ඊට අදාළව මේ දක්වා වැඩපිළිවෙළක් සකස් කර නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
ඒ හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද විය හැකිය.
බැංකු මගින් අදාළ සහනය ලබා දෙන්නේ නම් ඒ සඳහා වන මුදල් බැංකු වෙත ලැබෙන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි ක්‍රමවේදයක් නොමැති බව පැවසීය.
ඒ හේතුවෙන් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කර යුතු බව වැඩිදුරටත් පැවසීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

