කරනම් කරළියට – ඉෂාක් රහුමාන් රනිල්ගේ වේදිකාවට
(අංජුල මහික වීරරත්න සහ ජේ.කේ.එල්.චාමින්ද)
අනුරාධපුර දිස්ත්‍රික් ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ එක්ව ජයගමු වෙිදිකාවට ගොඩවිය.
ඉෂාක් රහුමාන් මහතා පසුගිය මහා මැතිවරණයේදී සමගි ජන බලවෙිගයෙන් මැතිවරණයට ඉදිරිපත් වී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්විය.
විමල් වීරවන්ශ මහතා නායකත්වය දෙන උත්තර ලංකා සභාගය නියෝජනය කල සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක ඒ.එල් .එම් අතාවුල්ලා සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුනේ ගයාශාන් නවනන්දන මහතාද අද ගාල්ල එක්ව ජයගමු වේදිකාවේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්විය.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන 40 කට අධික මැති ඇමතිවරු පිරිසක්ද ඊට සහභාගී වී සිටියහ.

@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

