ගංජා දමා අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිළධාරියා අත්අඩංගුවට
(ගයාන් සූරිය ආරච්චි)
වාහනයක් පරීක්ෂා කරන අතරවාරයේදී වාහනය තුළට ගංජා දමා තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට තැත් කළ බව කියන කොල්ලුපිටිය පොලිසියට අනුයුක්ත කොස්තාපල් වරයෙකුගේ වැඩ තහනම් කර ඇත.
තරුණයන් පිරිසක් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කොල්ලුපිටිය ප්‍රදේශයේදී කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් මෝටර් රථය නවතා පරීක්ෂා කිරීමේදී කොස්තාපල් වරයෙකු විසින් මෝටර් රථයට ගංජා දමා තරුණයන් අත්අඩංගුවට ගැනීමට ගිය බවට වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කර තිබුණි.
ඒ පිළිබඳව විමර්ශන පැවැත්වීමෙන් අනතුරුව කොළඹ දකුණ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය මහතාගේ නියෝග පරිදි එම කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කර ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

