Latestදේශීය

රට බංකොලොත් කළ රාජපක්ෂවරුන්ගේ සහය ලැබෙන කිසිවෙකුට අපේ සහය නැහැ – චම්පික රණවක

(අංජුල මහික වීරරත්න)

රාජපක්ෂලාගේ ආශීර්වාදය සමඟ යන කිසිදු කෙනෙකුට තම සහයෝගය නොදෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ජනාධිපතිවරණය පිළිබඳ  තීරණය ඉදිරියේදී ප්‍රකාශ කරන බවද රණවක මහතා කීය.

කඩුවෙල, වදුරඹ මුල්ල බුරුම විහාරස්ථානයේ ජන හමුවක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වමින් රණවක මහතා මේ බව කීය.

පොහොට්ටුව කියන්නේ පොහොට්ටුවේ සාමාජිකයෝ නෙවෙයි. රාජපක්ෂ පවුලයි. මොකද රාජපක්ෂ පවුල රට බංකොලොත් වීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ වරදකරුවන්  කරලා තියෙනවා යනුවෙන් ද රණවක මහතා කීය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *