Latestදේශීය

අවසානයේ මැතිවරණ කොමිසමට අවනත වෙයි, සම්බන්ධීකරණ ‌කමිටු පත්කිරීම් අවලංගු කරයි

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සඳහා නීති විරෝධී ලෙස හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දුන් පත්වීම් සියල්ල අවලංගු කිරීමට අදාළ පළාත් ආණ්ඩුකාරවරුන් පියවර ගෙන ඇතිබව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

දකුණ,මධ්‍යම,නැගෙනහිර හා බස්නාහිර පළාත් වල ආණ්ඩුකාරවරුන් විසින් මෙම පත්වීම් ලබාදි තිබුණි.

පළාත් පාලන මැතිවරණ නීතිය මේවන විට ක්‍රියාත්මක බැවින් එම පත්වීම් අවලංගු කරන ලෙස මැතිවරණ කොමිෂම අවස්ථා කිහිපයකදී පළාත් ආණ්ඩුකාර වරුන්ට දැනුම් දෙන ලදි.

එහෙත් ඊට ප්‍රතිචාර දැක්වූයේ දකුණ,නැගෙනහිර හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරුන් පමණයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට අවස්ථා කිහිපයකදී එම් පත්වීම් අවලංගු කරන ලෙස දැනුම්දුන්නද ඊට ප්‍රතිචාර නොදැක්විය.

ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට යළි දැනුම් දුන් බව එම කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව එම පත්වීම් අවලංගු කිරීමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *