Latestක්‍රීඩාවිදේශීය

ඔලිම්පික් ආරම්භයට අභියෝග කරමින් ප්‍රංශයේ දුම්රිය මාර්ගයට හානි කරයි

පැරිස් ඔලි­ම්පික් ක්‍රීඩා උලෙළේ සමා­ර­ම්භක උත්ස­ව­යට පැය කිහි­ප­ය­කට පෙර ප්‍රංශ අධි­වේගී දුම්රිය මාර්ග­ව­ලට යම්කිසි පිරි­සක් විසින් අලා­භ­හානි සිදු කර ඇති බවත්, එය දුම්රිය ධාව­නය අඩාළ කිරිම ඉලක්ක කර­ගත් කඩා­ක­ප්ප­ල්කාරි ක්‍රියා­වක් බවත් ප්‍රංශ රජය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රධාන දුම්රිය මාර්ග­යට අදාළ රැහැන් කපා දම­මින් ද, ඇතැම් ස්ථාන­ව­ලට ගිනි තබ­මින් ද සංවි­ධා­නා­ත්මක කණ්ඩා­ය­මක් ඔලි­ම්පික් ක්‍රීඩා උලෙළ කඩා­ක­ප්පල් කිරිමේ උත්සා­හයක නිරත වී ඇතැයි ප්‍රංශ ප්‍රවා­හන ඇමැ­ති­ව­රයා නිවේ­ද­නය කර තිබේ.

මේ තත්ත්වය හේතු­වෙන් සති අන්තයේ දුම්රිය සේවාව භාවිත කරන මගීන් ලක්ෂ අට­කට වැඩි පිරි­සක් පීඩා­වට පත්වූ බව ද වාර්තා වේ.

ඊයේ වන විට එරට ප්‍රධා­න­තම දුම්රිය සමා­ගමේ සේව­ක­යන් අධි­වේගී දුම්රිය මාර්ගයේ විනාශ වූ රැහැන් සහ ස්ථාන පිළි­ස­කර කිරී­මට පිය­වර ගෙන ඇති අතර, ඒ සඳහා දින කිහි­ප­යක් ගත­වනු ඇතැයි ද වාර්තා වේ.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *