දේශගුණික විපර්යාස හේතුවෙන් තාප වසංගතය දරුණුවටම
ලොව පුරා වාර්තාගත අයුරින් උෂ්ණත්වය ඉහළ ගොස් ඇතැයි ද, එය දැන් තාප වසංගතයක් බවට පත්වී ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ ගුටාරෙස් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගෝලීය වශයෙන් බිලියන සංඛ්‍යාත ජනතාව දැඩි උෂ්ණත්වයෙන් පීඩාවට පත්ව සිටින බව සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා අධික තාපයේ බලපෑම්වලට කඩිනම් විසඳුම් සෙවීමට පියවර ගන්නා ලෙස ලෝක නායකයන්ගෙන් ඉල්ලීමක් ද කර ඇතැයි වාර්තා වේ.
දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව පුරා ජනතාව පෙර නොවූ විරූ අයුරින් ඉහළ උෂ්ණත්වයකට මුහුණ දෙමින් සිටින බවත්, එය ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන බවත් සඳහන් කර ඇති අතර, එම තත්ත්වයෙන් කඩිනමින් මිදීම සඳහා පොසිල ඉන්ධනවලින් ඉවත්වන ලෙසත් ලෝක නායකයන්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. මැදපෙරදිග, අප්‍රිකාව, ආසියාව ඇතුළු කලාප රැසක ජනතාව අධික උෂ්ණත්වය හේතුවෙන් දුෂ්කරතා රැසකට මුහුණපා සිටින බව ද වාර්තා වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

