Latestදේශීය

ප්‍රේමදාසගේ අපූරු හඬ නිහඬ වෙයි

(ආරියරත්න රණබාහු)

පුරා වසර පනහකට අධික කාලයක් විවිධ හඬ අනුකරණය කරමින් රසික සිත් සනහාලු හඬ අනුකරණ ශිල්පී මංගල ප්‍රේමදාස මහතා අද(28) සිය දිවිසැරිය නිමා කළේය.

ටික කාලයක් රෝගී තත්වයෙන් පසු ඒ මහතා මිය යන විට72 වියේ පසුවිය හෙතෙම දෙදරු පියෙකී.

හඬ ශිල්පියකු ලෙස චිත්‍රපට ටෙලිනාට්‍ය ගුවන් විදුලි නාට්‍යවලට දායක වී ඇති ඒ මහතා ඉන් වසර හතළිහක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හඳ මාමා ළමා වැඩසටහනේ පෙත්තප්පු හඩ නළුව ඉදිරිපත් කර තිබේ.

දේහය රාජගිරිය ගෝතමී පාරේ අංක133/25 නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට(29) සවස 4.00බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *