Latestදේශීය

සුමන්තිරන්ගේ රිය අනතුර බරපතල නැහැ

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ගමන්ගත් රථය යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

කිලිනොච්චිය පොලීසිය පවසන්නේ, ඊයේ (27) සවස එම අනතුර සිදුව ඇති බවයි.

කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් මන්ත්‍රීවරයාගේ රථය කිලිනොච්චිය 155 කිලෝමීටර කණුව ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටී ඇති බව පොලීසිය සදහන් කළේය.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, මන්ත්‍රීවරයාගේ වාහනයේ ඉදිරිපස කොටසකට සුළු හානියක් සිදුව ඇති බවද පොලීසිය පැවසීය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *